free hit counter

බැසිල් යළි නොඑන්නට ඇමරිකායයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ට එරෙහිව විමල් වීරවංශ ඇතුළු විපක්ෂ කණ්ඩායම් විසින් නොකඩවා පහර දීමත් පොදුජන පෙරමුණ බලයට ගෙන ඒමට සහය දුන් ස්වාමින්වහන්සේලා විමල්ගේ පැත්ත ගනිමින් බැසිල් ට එරෙහිව සංවිධානාත්මකව කතා කිරීමත් හේතුවෙන් ඔහු අතිෂය කලකිරීමට පත්ව ඇති බව වාර්තා වේ.

2015 දී මහින්ද රාජපක්ෂ පරාජයට පත්වීමට හේතුව බැසිල් බව ප්‍රචාරයවීමත් පරාජයේ වගකීම ගැනීමට නොහැකි බොහෝදෙනා බැසිල් ට ඇඟිල්ල දිගු කිරීමත් හේතුවෙන් එයට ප්‍රතිචාර ලෙස බැසිල් රාජපක්ෂ විසින් පොදුජන පෙරමුණ නිර්මාණය කොට ඉතාම ඉක්මණින් ශ්‍රී ලංකාවේ සියලු පක්ෂ අභිබවා ජයග්‍රහණය දක්වා පක්ෂය ගෙන ඒමට සමත් වූ අතර ජයග්‍රහණයෙන් පසු සියලු දෙනා ජයග්‍රහණයේ අයිතිය හිමිකර ගැනීමට උත්සහ කරමින් බැසිල් ට එරෙහිව සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල කරමින් සිටි.

සමීප තොරතුරැ පෙන්වා දෙන්නේ බැසිල් මේ පිළිබඳ දැවැන්ත කලකිරීමකට පත්ව සිටින බවත් ඇමරිකාවේ පදිංචියට ගොස් හුදකලාව ඉතිරි ජීවිත කාලය ගෙවා දමන්නට කැමති බව ප්‍රකාශ කර ඇති බවත්ය.

නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියා නොකිරීමට ඔහු තීරණය කර ඇතිබව පැවසේ.

Facebook Comments