free hit counter

2022 දී එන එලොන් මස්ක්ගේ පියාඹන කාර්

ස්පේස්එක්ස් සහ ටෙස්ලා නිර්මාතෘ එලොන් මස්ක් පවසන්නේ ඉදිරි ටෙස්ලා රෝඩ්ස්ටර් යානය ස්පේස්එක්ස් තාක්ෂණය භාවිතයෙන් පියාසර කිරීමේ හැකියාව ඇති කිරීමට සලකා බලන බවයි.

මස්ක් පවසන පරිදි,දෙවන පරම්පරාවේ රොකට් තෙරපුම් එංජිමක් භාවිතාකරන රෝඩ්ස්ටර්හි වේගය සැලකිය යුතු ලෙස වැඩි කළ හැකි අතර දැනටමත් වාහනය පියාසර කරවීමටද හැකි බවයි..

“අපි රොකට් තාක්‍ෂණය එම මෝටර් රථයට සවි කරන්නෙමු,” ඔහු සිය නවතම සම්මුඛ සාකච්ඡාවේදී පැවසීය.

ටෙස්ලා හි ප්‍රධාන විධායක නිලධාරියා පැවසුවේ “මට එය පියාසර කරවීමට අවශ්‍යයි. මම දැනගෙන හිටියා මේ දේ කොහොමද කොහොමද කරන්නේ කියලා. යනුවෙනි

2022 දී පියාසර කිරීමේ අරමුණින් සමාගම විසින් මෙම වසරේදී රෝඩ්ස්ටර් ඉංජිනේරු කටයුතු අවසන් කරන බව ඔහු පැවසීය.

එය වැඩි ඈතක නොවේ, පොළොවෙන් මීටරයක් පමණ උසින් පියාසර කරන ආකාරයට නිර්මාණය කරන මෙම රථය කඩාගන වැටුනත් වැඩි හානියක් ඇති නොවන බව මසක් පවසනවා.

 

Facebook Comments