free hit counter

බල්ලෙක් ඔබේ ගුරුවරයා වුනානම්

බල්ලන් ඇයි මිනිස්සුන්ට වඩා අඩු කාලයක් ජීවත් වෙන්නේ….
වයස අවුරුදු හයක දරුවෙක් දුන් පුදුම හිතෙන පිළිතුර….
පශු වෛද්‍යවරයෙක් විදියට, මට පරීක්ෂණ කරන්න සිද්ධවුනා වයස අවුරුදු දහයක අයිරිෂ් වුල්ෆ්හවුන්ඩ් කෙනෙක්ව. එයාගේ නම බෙල්කර්. එයාගේ අයිතිකාර පවුලේ අය රොන්, එයාගේ බිරිඳ ලීසා, සහ එයාලගේ පුංචි පුතා ශේන්. එයාලා හැමෝම එයාලගේ ආදරණීය සුරතලා බෙල්කර් එක්ක ගොඩක් තදින් බැඳිලා හිටියේ. ඒ වගේම එයාලා බෙල්කර් වෙනුවෙන් හාස්කමක් බලාපොරොත්තු වුනා.
මං පරීක්ෂණ කරලා හොයාගත්තා බෙල්කර් පිළිකාවකින් මරණාසන්න වී ඇති බව. ඒ වගේම මේ මොහොතේ ඒ වෙනුවෙන් කිසි දෙයක් කළ නොහැකි බවත්. මං ඔවුන්ට යෝජනා කලා වයසක බෙල්කර්ට එයාලගේ ගෙදරදීම වේදනාවකින් තොර මරණයක් ලබාදීමට.
අපි සැකසුම් කරගත් ආකාරයට, රොන් සහ ලීසා මට පැවසුවා එයාලගේ වයස අවුරුදු හයේ පුංචි පුතාට එයාලගේ බලු සුරතලා බෙල්කර්ට සිද්ධ වෙන්න යන දේ බලාගන්න දෙන්න අවශ්‍ය බව. ඔවුන්ට සිතෙන්න ඇති ශේන් ඒ අත්දැකීමෙන් යමක් ඉගෙනගනී කියලා.
පසුදින, මට දැනුනා ඒ සුපුරුදු වේදනාත්මක හැඟීම බෙල්කර්ගේ පවුලේ අය එයාව වටකරගෙන ඉද්දි. පුංචි ශේන් හරිම සංසුන්ව හිටියා. අවසාන වතාවට ඔහුගේ වයසක සුරතලාව සුරතල් කරමින්. මට හිතුනා ඔහු දන්නවනම් මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා…
විනාඩි කීපයකින් බෙල්කර් එයාගේ සුව නින්දෙන්ම අවසන් ගමන් ගියා.
මේ පුංචි කොල්ලා, බෙල්කර්ගේ වෙනස්වීම කිසිම අපහාසුතාවයකින්, කලබලයකින් තොරව භාරගත් බව පෙනුනා. බෙල්කර්ගේ මරණෙන් පසු, ටික වෙලාවකට අපි එකට ඉඳගත්තා. ඒ බල්ලෙක්ගේ ජීවිතය මනුස්සයෙක්ගේ ජීවිතයට වඩා කෙටි වෙන්න තියන කණගාටුදායක හේතු මොනවාද යන්න සැකහැර කතාබහ කරන්නයි. මෙතෙක් වෙලා නිහඬව සියලු දේ අසා සිටි පුංචි ශේන්
“මං දන්නවා ඒ ඇයි” කියලා කෑ ගැසුවා.
අපි හැමෝම ගැස්සිලා ඔහු වෙතට හැරුණා. ඔහු ඊලඟට පැවසූ දෙයින් මං පුදුමයට පත්වුනා. මං මීටපෙර මේ තරම් පහසු පැහැදිලි කිරීමක් අසා තිබුන් නෑ.
එය මගේ උත්සහායන් සහ ජීවත්වෙන ආකාරය වෙනස් කිරීමට සමත්වුනා.
ඔහු කිව්වා…
“මිනිස්සු ඉපදෙන්නේ හොඳ ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා ඉගෙනගන්න, කොහොමද හැමෝටම හැම මොහොතකම ආදරණීය වෙන්නේ, හොඳ වෙන්නේ කියලා, නේද…”
“බල්ලන් කලිංම දන්නවා කොහොමද ඒක කරන්නේ කියලා… ඒ නිසා එයාලට මිනිස්සු වගේ ගොඩක් කල් ඉන්න ඕන් නෑ”
සරලව ජීවත්වෙන්න.
නිර්ලෝභීව ආදරය කරන්න.
ගැඹුරින් සැළකිලිමත්වන්න.
කාරුණිකව කතා කරන්න.
මතක තියාගන්න… බල්ලෙක් ඔබේ ගුරුවරයා වුනානම්, ඔබ මේ දේවල් ඉගෙන ගනී. 🐶❤️😎
ඔබ ආදරය කරන්නන් නිවසට පැමිණෙන විට ඔබ සැමවිටම ඔවුන්ව සතුටින් පිලිගන්න. 🐶😃👏
කිසිම දවසක සතුටින් ඇවිදලා එන්න තියන අවස්තාවක් මගහැර නොගන්න. 🐕😃
නැවුම් වාතය සහ සිහිල් සුළඟෙන් ඔබේ මුහුණට, ගතට සිතට ලැබෙන ප්‍රබෝධය අත්විඳින්න. 🐶❤️☺️
වෙහෙස මහන්සියක් දැනෙනවනම් සුවසේ කෙටි නින්දක් ලබන්න. 🐶😌😴
නැගිටින්න පෙර ශරීරයේ හිරි අරින්න. 🐶😄🤸
දිනපතා දුවන්න, සෙල්ලම් කරන්න, ක්‍රියාශීලිවෙන්න. ⚾🐶😃💪
ශක්තිමත් සාර්ථකත්වක් ඇතිකරගන්න මිනිස්සුන්ට ඔබට ලඟා වෙන්න හිතෙන ආකාරයට. 🐶❤️💪
ඔබට හතුරුකම් කරන්න එන අයව සපාකන්නම ඕන් නෑ, අවශ්‍ය වෙලාවට පොඩි ගෙරවීමක් වුනත් ඇති. බයවෙලා පලායන්න. 🐶😏
උණුසුම් දිනවල තණකොළ මත වැතිරිලා අව්ව ටිකක් තපින්න. 🐶😊
රස්නේ වැඩි දවස්වල වැඩිපුර වතුර බොන්න, සෙවන ගහක් යට විවේක සුවයෙන් ඉන්න. ගඟක ඇලක දොලක පැනලා හිතේ හැටියට නාන්න. 🐶😃👍
ඔබට සතුටු දවස්වලට ඇඟපත හොලවමින් වටේට නටන්න. 🐶😃💃
දිගු ගමනකින් ලැබෙන සරල සතුට උපරිමයෙන් විඳින්න. 🐶🤗
සැමවිට විශ්වාසවන්ත වන්න. 🐶😌❤️
ඔබ ඔබම වන්න. ඔබ නොවන කිසිම දෙයක් වෙනුවෙන් ඔබ පෙනී නොසිටින්න. 🐶🙂👍
ඔබට අවශ්‍ය දේ හමුවෙනකම් සොයන්න. 🐶🤩
කාටහරි නරක දවසක්නම්, දුකක් වේදනාවක්නම්, නිශ්ශබ්දව ලඟින් වාඩිවෙන්න. මෘදු ලෙස ඔහු හෝ ඇයව සෙමින් අස්වසාලන්න. 🐶😌
මේ තමයි අපිට සතුටින් ජීවත්වෙන්න හොඳ බල්ලෙක්ගෙන් ඉගෙනගන්න පුලුවන් දේවල්. 🐶☺️👏
සුරතලේට බල්ලෙක් ගෙදරක ඉන්න අය, බල්ලෙක්ගේ ආදරය සෙනෙහස විඳින අය, බල්ලෙක්ගේ මේ හැසිරීම් හොඳටම දන්නවා. ඒවා අපිට මොනතරම් සමීපද කියලත් දන්නවා. ඒකනේ ඈතට දිවයන මිනිසුන්ගේ අතීතයේ ඉඳන්ම මිනිසාගේ හොඳම යාලුවා බල්ලෙක් වෙන්නේ…. 🤗☺️🐶❤️

~•~ කෞෂලි බන්ඩාර ~•~

Facebook Comments