free hit counter

වි.ජ.මු. කොරෝනාවට බිළිවෙයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අද රාත්‍රියේදී ආභවප්‍රාප්ත විය. මිය යන විට 80 හැවිරිදි වියේ පසුවූ ලොකුබණ්ඩාර මහතා කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් අංගොඩ බෝවන රෝග මර්දන විද්‍යායතයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

විජේසිංහ ජයසිංහ මුදියන්සේලාගේ ලොකුබණ්ඩාර හෙවත් වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා වසර 2004 සිට 2010 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙසින් කටයුතු කළේය. ලොකුබණ්ඩාර මහතා 1977 සිට වසර 30 කට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසින් කටයුතු කළේය.

1941 අප්‍රේල් මස 5 වැනිදා හපුතලේදී උපත ලද ඒ මහතා බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත්තේය.

Facebook Comments