free hit counter

45 කට රාත්‍රී කෑම ගන්න විමල්ගේ අමාත්‍යාංශය 247,000 ක් වියදම් කරලා

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වසර අවසාන විශේෂ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ රාත්‍රී ආහාර වේල සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරකට ආසන්න මුදලක් වැය කර ඇත.

දෙහිවල සේනානායක මාවතේ ප්‍රනාන්දු ගාර්ඩ්න්ස්හි ගිහාන්ස් බීච් තානායමෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වසර අවසාන විශේෂ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ රාත්‍රී ආහාර වේල සඳහා 49 දෙනෙකු වෙනුවෙන් රුපියල් 250,000 කට ආසන්න මුදලක් වියදම් කර ඇති බව වාර්ථා වේ. මෙම රැස්වීම පවත්වා ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මස 28 වැනිදාය.

සභාපතිවරයා ඇතුළුව අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හත් දෙනෙකු සමන්විත වන අතර මෙම හමුවට අධ්‍යක්ෂ මණ්ඩලය ද ඇතුලුව ආයතනයේ 49 දෙනෙකු සහභාගී වී ඇත.

එක් ආහාර වේලක මිල රුපියල් 5000.00 ක් ද රුපියල් 22,500ක සේවා ගාස්තුවක් ද ඊට එකතු කර ඇති අතර ඒ අනුව හමුවට සහභාගී වූ 49 දෙනාගෙන් 45 දෙනකුට රාත්‍රී කෑම සඳහා රුපියල් 247,000ක මුදලක් වැය කර තිබේ.

Facebook Comments