free hit counter

ඉන්දියානු නෙලුම් මලෙන් උපන් පොහොට්ටුව – භාරතීය ජනතා පක්ෂයේ ලංකාවේ ශාඛාව පොහොට්ටුව

ඊයේ 15 වනදා ඉන්දීය ඇමතිවරයෙකු ප්‍රකාශයක් නිකත් කරමින් කියා සිටියේ භාරතීය ජනතා පක්ෂය නේපාලයේ සහ ශ්‍රී ලංකාවේ ශාඛාවන් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටි බවයි.

නේපාලයේ තත්ත්වය පිළිබඳ කතානොකර ශ්‍රී ලංකාව දෙස බැලීමේදී එම කථාව සත්‍ය බව පැහැදිළිව පෙනෙන්නට තිබේ. ඒ භාරතීය ජනතා පක්ෂයේ පිපුණු නෙලුම් මල වෙනුවට නෙලුම් පොහොට්ටුව යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කර වසර දෙකක් පමණ කාලයක් තුළ එය ලංකාවේ අල්ලාගැනීමට සමත්ව තිබේ. එකම සලකුණ යොදා ගැනීම අහම්භයක් ලෙස කෙනෙකුට පෙනී යා හැකි බැවින් තවත් අභ්‍යන්තර කාරණා කිහිපයක් විමර්ශනය කිරීමෙන් මෙය සැබෑවක් විය හැකි බවට සාක්ෂි කිහිපයක්ම හඳුනා ගත හැකිය.

1. පක්ෂ දෙකම ජාතිකවාදී – අන්තවාදී ස්ථාවරයකින් පෙනී සිටිමින් බලය ලබා ගැනීම
2. මොදිගේ ඇමරිකා ගැති පිළිවෙත – ලංකාවේ පළමු වතාවට ඇමරිකන් පුරවැසිභාවය තිබු අයෙකු පාලකයා බවට පත් වීම
3. ලංකාවේ ජනාධිපතිවරයා තේරී පත්වීමට ඓතිහාසිකවම ඉන්දියානු මැදිහත්වීමක් ඇති බව වාර්තා වීම.
4. ආණ්ඩුවේ මෝදී ගති පිළිවෙත.
5. නැගෙනහිර නැත්නම් බටහිර ජැටිය හෝ ඉන්දියාවට ලබා දීමේ උනන්දුව
6. මහින්ද රාජපක්ෂගේ චීන ගැති පිළිවෙත අහෝසි වී තිබීම.
7. පාස්කු බෝම්භය
8. විමල් ඇතුළු ඉන්දීය විරෝධීන්ට පොහොට්ටුවෙන් එල්ලවන ප්‍රහාරය

මෙයට අමතරව බොහෝ ගැඹුරින් විමර්ශනය කළහොත් පොහොට්ටුව ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ශාඛාවක් බවට බොහෝ උදාහරණ හමුවනු ඇත.

Facebook Comments