free hit counter

විමල් කරපු දේ වැරදියි අගමැති මහින්ද රාජපක්ෂ තහවුරු කරයි

විමල් වීරවංශ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශ වැරදි බවත් ඔහු ඒ වෙනුවෙන් සමාව නොගැනීම කණගාටුවට කරුණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා. ඔහු මෙලෙස ප්‍රකාශ කරන්නේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්.

මෙහිදී මාධ්‍යවේදියෙකු අසනලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තමන් විසින් විමල් වීරවංශ කළ ප්‍රකාශයට විරෝධය දැක්වීමට කිසිඳු විරුද්ධත්වයක් ප්‍රකාශ කර නොමැති බවත් පක්ෂයේ ලේකම් ලෙස තමන් කියන්නේ පක්ෂයේ නිළ මතය බවත් ඒ පක්ෂ නායකයාගේ කැමැත්ත හා පක්ෂයේ ඉහළපෙළේ නායකයන්ගේ කැමැත්ත බවත් ප්‍රකාශ කර සිටියේය.

Facebook Comments