free hit counter

දිනක්ෂි – සාරංග, මව් – පිය පදවියට

ජනප්‍රිය රංගන ශිල්පින් වන සාරංග දිසාසේකර හා දිනක්ෂි ප්‍රියසාද් වෙන් වන බවට පසුගියදා බොහෝ කතා බහට ලක්වුනා ඒ ඔවුන් දෙදෙනා තැබූ ෆේස්බුක් සටහන් හේතුවෙන් නමුත් ඒ සටහන් වලින් කියවුනේ ඔවුන්ට අලුත් සම්බන්ධතාවයක් අවශ්‍ය බවයි.

වීඩියෝ පටයක් නිකුත් කරමින් ඔවුන් දෙදෙනා අවසාන වශයෙන් ප්‍රකාශ කළේ තමන් වෙන් නොවන බවත් නැවුම් එළවලු පළතුරු සහිත ආහාර වේලකට ඔවුන් අලුත් සම්බන්ධතාවය මාරු කළ බවත්ය.

කෙසේ වෙතත් මේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට ඔවුන් මාරුවීම පිළිබඳ ක්ෂේත්‍රයේ අලුත් කතාබහක් ඇතිව තිබෙනවා. ඒ දිනක්ෂි මවක් වෙන්නට සූදානමින් සිටින බවක්. මේ පිළිබඳ ඔවුන් තවම මාධ්‍යයට කියා නෑ. ඒ ගැන මාධ්‍යයට කියන්න තවම කල්වැඩි බවයි ක්ෂේත්‍රයේ සමීප ආරංචිමාර්ග කියන්නේ.

Facebook Comments