free hit counter

දෙකේ පන්තියේ අකුරු අතරින් මතු වූ කොරෝනා

අරණායක, උස්සාපිටියේ පාසලක සිසුවකුට කොවිඩ්- 19 වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමග ඔහු ඉගෙනුම ලැබු පංතියේ පංතිභාර ගුරුතුමිගේ සිදුකරන ලද PCR පරීක්ෂණයකින් ඇයටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මේ නිසා එම පංතිය තාවකාලිකව වසා දමා පංතියේ ඉගෙනුම ලැබු සිසුන් සියලු දෙනා ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

පංතිභාර ගුරුතුමිය සහ සිසුන් නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට යොමු කර සිටියදි ගුරුතමිය පී.සී.ආර් පරීක්ෂණයකට යෙමු කිරීමෙන් පසු ඇයට ද කොවිඩ්- 19 ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ ලැබුණු වාර්තාවලින් තහවුරු වී තිබේ.

සිසුවා දින කිහිපයකට පෙර අසනීපව මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මෙම සිසුවාට පවුලේ සමීපතමයෙකු මගින් ආසාදායනය වී ඇති බවද, සිසුවා දින කිහිපයක්ම පාසලට පැමිණ ඇති බවද එලෙස පැමිණි සෑම දිනයකම පංතිභාර ගුරුතුමිය මෙම සිසුවා ද ඇය ළඟට කැදවා අකුරු කියා දී ඇති බවද පැවසේ.

ආසාදිත ගුරුතුමිය ප්‍රතිකාර සදහා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යථානයක් වෙත යොමු කිරීමට කටයතු යොදා ඇත.

Facebook Comments