free hit counter

ගම සමග පිළිසදර ඉදිරියට ගෙනයාමට විකල්ප යෝජනාවක්

දැන් ක්‍රමය, එනම් තෝරාගත් ගම් වලට ජනාධිපතිතුමා යාම වෙනුවට මුළින්ම රට පුරාම ග්‍රාමීය ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන්ට චක්‍ර ලේඛයක් නිකුත් කරනවා ජනාධිපති තුමා අදාළ ගමට පැමිණියා සේ සලකා ගම් වල ඇති විසදිය හැකි සෑම ගැටලුවක්ම විසදන ලෙස.

ගැටලු විසදීමට සාධාරණ කාලයක් ලබා දුන් පසු තව දුරටත් පවතින තත්වය යටතේ විසදිය හැකි ගැටලු ගම්වන නොතිබීමට වග බලාගත යුතු බව ද චක්‍ර ලේඛයේ සසහන් විය යුතුයි.

ඉන් පසුව ජනාධිපතිතුමා අහඹු ලෙස තෝරා ගත් ගම්වලට යනවා. ඒ යනවිට ප්‍රශ්නයක් ඉදිරිපත් වී ජනාධිපති තුමා අදාළ නිලධාරියාගෙන් විමසූ වහාම “ඔව් ජනාධිපතිතුමනි හෙටම ප්‍රශ්නේ විසදනව” වගේ කතා කියන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. එහෙම ප්‍රශ්න තිබුණොත් අදාළ නිලධාරියාට විරුද්ධව පියවර ගත යුතුයි.

Facebook Comments