free hit counter

අදානි ඇතුළු බහු ජාතික සමාගම් වලට ඉඩම් දෙන්න අලුත්ම ගැසට් එක එළියට

අංක 2215/20 දරණ අති විශේෂ ගැසට් පත්‍රය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කර තිබේ. ගැසට් පත්‍රයට අනුව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය හා ඉඩම් අමාත්‍යාංශයට අයත් කාර්යන් හා කර්තව්‍යන්, සුවුශේෂී ප්‍රමුඛතා,අදාළ ආයතනික හා නෛතික රාමුව හඳුන්වා දී තිබේ.

ඒ අනුව ඉඩම් අමාත්‍යංශයට අයත් සුවිශේෂී ප්‍රමුඛතා ලැයිස්තුව තුළ ඉඩම් ඉන්දියාවේ අදානි වැනි මහා පරිමාණ බහුජාතික සමාගම් වලට ලබා දිය හැකි ආකාරයේ කරුණු සඳහන් වේ.

රජයේ ඉඩම් සහ පොදු ව්‍යාපෘති වශයෙන් අත්පත් කරගන්නා ඉඩම්, කෘෂි වගාවන් සඳහා බදු පදනම යටතේ ලබා දීම සහ ගොවීන්ට වගා කටයුතු කිරීම සඳහා වැඩපිළිවෙල් ක්‍රියාත්මක කිරීම.

ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය හා ඉඩම් ලබා දීමේ ක්‍රියාවලි සමාලෝචනයට ලක්කොට ඉඩම් අහිමි අඩු ආදායම්ලාභීන් සඳහා ඵලදායි නිෂ්පාදන කටයුතු සඳහා සංවර්ධන හා ආයෝජන ව්‍යාපෘති සඳහා මෙන්ම ඉඩම් කඩිනමින් නිදහස් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම.

රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය වන්නා වූ ඉඩම් අප්‍රමාදව හා නියමානුකූලව ලබා දීම.

ආදී තවත් සුවිශේෂී කරුණු කිහිපයක් දක්වමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ විශේෂයෙන්ම අදානි වැනි බහිජාතික සමාගම් වලට ඉඩම් හැකි ඉක්මණින් නිදහස් කිරීමේ අරමුණින් බව පෙනෙන්නට තිබේ.

Facebook Comments