free hit counter

ඉම්රාන් ඛාන්ගේ ලංකා පාර්ලිමේන්තුවේ කතාව නවතී, ඉන්දීය මැදිහත් වීමක්

පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතරතුර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුව ඉල්ලා සිටි අතර ඔවුන් දැන් පවසන්නේ එය අවලංගු කර ඇති බවයි.

මේ සඳහා පැහැදිලි හේතුවක් ප්‍රකාශ නොවුණත් කොරෝනා වෛරසය හේතුවෙන් මෙවැනි තීරණයක් ගත බවට වන ආරංචි පැවසේ.

නමුත් අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඉම්රාන් ගේ කථාව නැවත්වීම පිටුපස ඉන්දියාව සිටින බවයි. ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඇමතීමට මුල සිටම ඉන්දියාව එතරම් කැමැත්තක් නොදැක්වීය.

අනෙක් අතට ශ්‍රී ලංකාව කෙරෙහි ප්‍රභල ඉන්දීය මැදහත්වීමක් මේ වනවිට පවතින බවද දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

Facebook Comments