free hit counter

කොළඹ නගරයේ ජනතාවට විශේෂ දැනුම් දීමක් – ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි

ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇති නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම සැළකිල්ලට ගනිමින් අනවශ්‍ය ගමන්බිමන් යාමෙන් හැකිතාක් වැළකි සිටින්නැයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි මහතා ඉල්ලීමක් කර සිටී.

නව වෛරස ප්‍රභේදය කොළඹ නගරය තුළ ව්‍යාප්තව වීම මෙයට හේතුව බව ඔහු සඳහන් කරයි.

ඒ අනුව මංගල උත්සව, උපන්දින සාද හා රාත්‍රී සමාජ ශාලා පැවැත්වීම නතර කළ යුතු බව ද පැවසු වෛද්‍යවරයා, හැකි තරම් සෙනඟ ගැවසෙන ස්ථානවලින් ඉවත්ව සිටිය යුතු බවත් එසේ නොවුනහොත් කොළඹ නගරය තුළ වැඩි වශයෙන් කොවිඩ් ව්‍යාප්ත විය හැකි බවටත් අනතුරු ඇඟවීය.

ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තාවූ කොවිඩ් ආසාදිතයන් අතුරින්ද වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Facebook Comments