free hit counter

ඉන්දියාව පොහොට්ටුව මිලදී ගෙන විමල්ගේ පක්ෂය කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මිලදී ගැනීම සඳහා ඉන්දියාව කටයුතු කරමින් සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

මිලදී ගැනීම යනු ඉන්දියාවේ අරමුණට අදාළ ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ස්ථානගත කර ගැනීම බව ද ඒ මහතා පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සිටින සුළු පක්ෂ ඉන් ඉවත් කිරීම සඳහා එම පෙරමුණේ ඇතැමුන් පිරිසක් විසින් කටයුතු කරන්නේ ඒ නිසා යයිද ඔහු කීය.

නෙත් ගුවන්විදුලිය සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

වත්මන් ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය මෙරට දේශපාලන පක්ෂයක් බිහි කිරීම සඳහා කටයුතු කරන බව පැවසුවේ වැරදීමකින් නොවන බවද ඔහු පැවසුවේය.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය කටයුත්ත ඉන්දීය උවමනාව අනුව එය ඉටු නොවීම හේතුවෙන් ඔවුන් මෙරට ඔවුන්ගේ පාලනය යටතේ ඇති ප්‍රධාන දේශපාලන පක්ෂයකට බලය ලබාගැනීම ඔවුන්ගේ උපාය මාර්ගය වී ඇතැයිද ඔහු කියා සිටී.

Facebook Comments