free hit counter

කොවිඩ් සුව වූ බව පවසා ගෙදර යැවු 21 හැවිරිදි තරුණිය මිය යයි

කොවිඩ් ආසදිතව ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් පසුව නිවස බලා පිටත් කළ 21 හැවිරිදි තරුණියක් ඊයේ (16) දින රාත්‍රී 8.00ට පමණ ස්වසන අපහසුතාවයක් හේතුවෙන් රෝගී වී සුවිසරිය ගිලන්රථ සේවාව ඔස්සේ ප්‍රතිකාර සඳහා මහියංගණ රෝහලටත්, ඉන්පසු බදුල්ල රෝහලටත් ප්‍රතිකාර සඳහා මාරුකර යවා තිබේ. එහිදී ඇය මරණයට පත්වී ඇති බවට වාර්තාවනවා

මෙසේ මියගොස් තිබෙන්නේ අද (17) දිනයේ වන අතර රිදිමාලියද්දේ පදිංචිව සිටි චන්දිමා දමයන්ති නැමැති තරුණියකි.

රිදීමාලියද්ද ගැමුණුපුර ඇගලුම් ආයතනයක සේවයේ නියුතු ඇය කොවිඩ් වැළඳීම නිසා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ දින 10ක් ප්‍රතිකාර ලබා නිවසට පැමිනෙනවා.

මියගිය තරුණියගේ දේහය අද (17) දින බදුල්ල ආදාහනාගාරයේදී ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.

Facebook Comments