free hit counter

ලිසිං වාහන උස්සන්න බෑ – නඩු විතරයි – පොලිස්පති දැනුම් දෙයි

ලීසිං ක්‍රමයට ලබාගත් වාහනයක් අදාළ මූල්‍ය ආයතනය විසින් බලහත්කාරයෙන් නැවත ලබාගත නොහැකි බව පොලිස් මුලස්ථානය විසින් දැනුම් දී තිබේ. කිසියම් පුද්ගලයෙකු තමන් ලබාගත් වාහනයක් නැවත සිය කැමැත්තෙන් ලබා නොදෙන්නේ නම් ඒ පිළිබඳව ඇති නෛතික ප්‍රතිපාදන අනුව දිසා අධිකරණයේ නඩු පැවරිය යුතු බව පොලිස් මූලස්ථානය දන්වා සිටී.

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විසින් මේ පිළිබඳ සියලු උසස් පොලිස් නිළධාරින් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

Facebook Comments