free hit counter

යළි යළි වැළඳෙන මරණයම ගෙන එන දකුණු අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදය ලංකාවටත් ඇවිත්ද

දකුණු අප්‍රිකාවේ මූලික වාර්තාවලින් පෙනී යන්නේ කොවිඩ් -19 වෙතින් සුවය ලැබූ පුද්ගලයින් වෛරසයේ නව ප්‍රභේදය මගින් නැවත රෝගයට ගොදුරු කර ඇති බවයි.

මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩ් 19 රෝගයට ගොදුරු වී සුවය ලැබූ පුද්ගලයෙකුට දකුණු අප්‍රිකානු නව කොරෝනා වෛරස් ප්‍රභේදය වන 501.V2 හෝ B.1.351. ප්‍රභේදය වැළඳී තිබෙන අතර ඔහුගේ තත්ත්වය අසාද්‍ය බව පැවසෙනවා. එසේම ප්‍රංශයේ ද මෙලෙසම දෙවනවර දකුණු අප්‍රිකානු ප්‍රභේදය වැළඳුනු පුද්ගලයාගේ තත්ත්වය අසාධ්‍ය බව පැවසෙනවා. ඊශ්‍රායල් හි මෙලෙසම දෙවැනි වර වැළඳුනු පුද්ගලයන් තිදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය අසාද්‍ය බව පැවසෙනවා.

මේ වනවිට මෙම නව දකුණු අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදය රටවල් 40 ක් පුරා ව්‍යාප්තව පවතිනවා.

ශ්‍රී ලංකාවේ මේ වනවිට නව දකුණු අප්‍රිකානු ප්‍රභේදය ක්‍රියාත්මක වනවාද යන්න පැවසීමට තරම් පරීක්ෂණ පවත්වා නැති නමුත් ලංකාව භාවිතා කරන අස්ට්‍රසෙනෙකා ඔක්ස්ෆර්ඩ් එන්නත දකුණු අප්‍රිකාව මේ වනවිට ප්‍රතික්ෂේප කර තිබෙනවා

Facebook Comments