free hit counter

ගම්මන්පිල කියූ තෙල් ටැංකි කතාවේ ඇත්ත ඉන්දියාව හෙළිකරයි

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රජය විසින් ත්‍රිකුණාමලයේ ලංකා ඉන්දියානු තෙල් සංස්ථාවට (LIOC) බදු දී ඇති තෙල් ගබඩා ටැංකි 99 නැවත අත්පත් කර ගන්නා බව ඊයේ (17) බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

නමුත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ තෙල් ටැංකි හවුල් ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙනයාමට එකඟතාවයක් ඇතිකරගත් බවයි.

2003 දී ශ්‍රී ලංකාව විසින් ත්‍රිකුණාමල තෙල් ටැංකි LIOC වෙත වසර 35 ක් සඳහා බදු දුන් අතර එය 2038 දී කල් ඉකුත් වේ.
නමුත් මෙම බදු ගිවිසුමට අනුව තෙල් ටැංකි ඉන්දියාවට තෙල් ටැංකි ගොවිපොළේ ඉහළ කොටසේ ඇති තෙල් ටැංකි 84 සඳහා පූර්ණ අයිතියක් ලැබී තිබුණේ නෑ.

ඒවායේ අයිතිය ලබාගැනීමට දිගින් දිගටම කටයුතු කළ ද 2003 සිට අද දක්වාම එය සාර්ථක වී තිබුනේ නෑ. දැන් උදය ගම්මන්පිළ සමග ඔවුන් එකඟතාවයකට පැමිණ ඇත්තේ මෙම ඉතිරි තෙල් ටැංකි 84 ත් ඇතුළත් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමටයි.

පෙර බදු ගිවිසුම 2038 දී අවසන් වීමට නියමිතව තිබුනද මෙම නව ගිවිසුම සමගින් 2038 දී හෝ ඉන්දියාව ත්‍රිකුණාමල තෙල් ටැංකි ගොවිපොළ අතනොහරනු ඇති.

Facebook Comments