free hit counter

ලංකාවේ කොරෝනා හැදුනු 102 ක් නිවසේම මියගිහින්

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ප්‍රමාණය 400 ද ඉක්මවා ඇති අතර රෝගීන් සංඛ්‍යාව 80,000 කට ආසන්න ප්‍රමාණයක් වී තිබේ. මේ අතරින් පුද්ගලයන් 102 ක්ම නිවසේදී මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි.

මෙලෙස නිවසේදී පුද්ගලයන් මියයාම හේතුවෙන් අර්බුධ කිහිපයක්ම මතුව තිබේ. ඒ අතරින් මතුව ඇති ප්‍රධාන අභියෝගය වන්නේ නිවසේදී යම් පුද්ගලයෙකු මියයාමෙන් ඇතිවන සංකූලතා මොනවාද යන්න අවබෝධ කරගත නොහී වීමයි.

සොඛ්‍ය අංශ පවසන්නේ මෙම තත්ත්වය ඉතාම සෝචනීය බවයි. ඒ වාර්තා වී ඇති මුළු මරණ ප්‍රමාණයෙන් 1/4 ක්ම නිවසේදී සිදුවීම මගින් කොරෝනා රෝගය සම්බන්ධයෙන් ඇති ප්‍රතිපත්තියේ ගැටළු මතුකරන බව සෞඛ්‍ය විශේෂඥයින්ගේ අදහසයි.

Facebook Comments