free hit counter

කොරෝනා එන්නත වැඩකරන්නේ දෙවන මාත්‍රාව ලබාගෙන සති දෙකකින්

කොරෝනා මර්දන එන්නත්වලින් කොරෝනා වෛරසයට එරෙහිව සම්පූර්ණ ප්‍රතිශක්තිය ලැබෙන්නේ එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගෙන සති දෙකක කාලයක් ගත වූ පසුව බව ඇමරිකානු රෝග පාලනය හා නිවාරණය පිළිබඳ මධ්‍යස්ථානයේ වාර්තාවක් පෙන්වා දෙනවා.

මාත්‍රා දෙකකින් යුතු වන කොරෝනා මර්දන එන්නතකින් දෙවැනි මාත්‍රාව ලබා ගැනීමෙන් සති දෙකකට පසුවද, තනි මාත්‍රාවක් සහිත කොරෝනා මර්දන එන්නතකින් එම මාත්‍රාව ලබා ගෙන සති දෙකකට පසුවද පුද්ගලයකු තුළ කොරෝනා වෛරසයට එරෙහිව පූර්ණ ප්‍රතිශක්තියක් ගොඩනැගෙන බව එහි සඳහන්.

කොරෝනා මර්දන එන්නත්වල පළමු මාත්‍රාව ලබා ගත් පසුව දෙවැනි මාත්‍රාව ලබා ගන්නා තෙක් අතර කාලයේදී එන්නත්ලාභියාට කොරෝනා වෛරසය ආසාදනය වීමේ හැකියාව තිබෙන බවද එහි සඳහන්.

මේ හේතුවෙන් යමෙකු කොරෝනා එන්නතකින් පළමු මාත්‍රාව ලබා ගත් පසුවද පොදු ස්ථානවල ගැවසීමේදී මුහුණු ආවරණයක් පැළඳීම, එකිනෙකා අතර මීටරයක දුරක් පවත්වාගැනීම, දෑත් සබන් යොදා නිතර පිරිසිදු කරගැනීම කළ යුතු වෙනවා.

Facebook Comments