free hit counter

පොහොට්ටුව හා විමල් පාර්ශවය නිළ වශයෙන් ජනපති හමු වී වෙන් වෙති

ජනාධිපතිවරයා හා ආණ්ඩුවේ පොහොට්ටුව නොවන පාර්ශවයේ නායකයන් අතර පැවති සාකච්ඡාවත් සමග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නොවන කණ්ඩායම් ලෙස ආණ්ඩුව තුළ නිළ බෙදීමක් ඇතිව තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව මින් ඉදිරියට පොහොට්ටුවට අදාළ නොවන කණ්ඩායම වෙනමත්, පොහොට්ටුව වෙනමත් ලෙස ජනාධිපතිවරයා සමග ගණුදෙනු කරනු ඇතිබව සඳහන් වෙනවා.

මේ සමග කැබිනට් මණ්ඩලය තුළද බෙදීමක් ඇතිවන අතර මින්පසු කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම ක්‍රියාත්මක නොවනු ඇති.

මේ තත්ත්වය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරියේදී මතු වීමට නියමිත පැහැදිළි දේශපාලන බෙදීමක් පිළිබඳව පෙරනිමිත්තක් බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

ජනාධිපතිවරයාට ආණ්ඩුව ඇතුළේ ඇති මෙම දෙබිඩි පිළිවෙත කෙතරම් කලක් කළමනාකරණය හැකිවේද යන්න මත ආණ්ඩුවේ අනාගතය තීරණය වනු ඇතිබව බොහෝ දෙනා පවසනවා.

Facebook Comments