free hit counter

හමුදාපතිට බලපෑම් කරන තිසරගේ බිරිඳ ගැන අමුතු කථාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අලුතින් නම් කිරීම දිනෙන් දින පමා කිරීමට හේතුව ජාතික තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිර්දේශ කරන නම් වලට අමතරව තවත් නම් ඉල්ලා සිටීම බව වාර්තාවේ.

ජාතික තේරීම් කමිටු සභාපතිවරයා වන යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් යෝජිත නම් අතර වන ප්‍රමෝදය වික්‍රමසිංහ තේරීම් කමිටු සභාපති දූරයට නුසුදුස්සෙකු බව පැවසීම මෙම මෙම ප්‍රමාදයට හේතුවී ඇති බව වාර්තා වේ.

ඔහුට මේ සඳහා බලපෑම් කරන්නේ තිසර පෙරේරා හා ඔහුගේ බිරිඳ බවත් වාර්තා වේ.

තිසර පෙරේරා පසුගියදා පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ බවත් ක්‍රිකට් අභ්‍යාසකයන්ට පගාව දී ඔහු එම පරීක්ෂණය සමත් වූ බවත් ප්‍රමෝදය ඒ පිළිබඳ වාර්තා කර ඇති බවත් වාර්තා කරයි.

ඉන්පසු දේශීය විදේශීය අභ්‍යාසකයන් දෙදෙනා ඉවත් කර ඇති බවත් තේරීම් කමිටුවක් නොමැතිව කලින් තේරීම් කමිටුවේ සාමාජිකයන් ලවා කොදෙව් සංචාරය සඳහා ක්‍රීඩකයන් තෝරාගන ඇති බවත් එම වෙබ් අඩවිය වාර්තා කරයි.

-ශ්‍රීලංකා මිරර්-

Facebook Comments