free hit counter

බැසිල් – මංගල හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී සිදු වී ඇත.

එම හෝටලයේ පැවති උත්සවයකට සහභාගී වීම සඳහා පැමිණි බැසිල් රාජපක්ෂ හා මංගල සමරවීර මහතා හමුවී හමුවී ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා සුහද සාකච්ඡාවක කෙටි වේලාවක් නිතරව තිබේ.

බැසිල්- මංගල – මිලින්ද මොරගොඩ මේ වනවිට ආණ්ඩුවේ කටයුතු මෙහෙයවන ප්‍රධාන පුද්ගලයන් තිදෙනා බව දේශපාලන ලෝකය ආරංචි මාර්ග පෙන්වා දෙයි .

ඉදිරියේදී ආණ්ඩුවේ කටයුතු වෙනස් මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීමට මේ තිදෙනා එක්ව කටයුතු කරනු ඇති බව බොහෝ දෙනාගේ අදහසයි.

Facebook Comments