free hit counter

ඉන්දු – ලංකා ගිවිසුම නිසා ලංකාවේ ඉඩම් දෙන්න ඉන්දියානු අනුමැතිය අවශ්‍යයි

ශ්‍රී ලංකාව දෙමළ ප්‍රාන්තය සහ ලංකා ප්‍රාන්තය ලෙස දෙකඩ කරමින් ආණ්ඩුකාරවරු දෙදෙනෙකු යටතට පත් කර දෙමළ ප්‍රාන්තයේ නියෝජිතයන්ට නවදිල්ලි පාර්ලිමේන්තුවට යා හැකි යයි උතුරු පලාත් සභා හිටපු මන්ත්‍රි එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.

ඔහු එසේ පවසන්නේ භාරතීය ජනතා පක්‍ෂය මෙරට පිහිටුවීමට ඉඩ නොදුනහොත් ඉදිරියේ ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ අදහස් ප්‍රකාශ කරමිනි.

කොමියුනිස්ට් පක්ෂ ශාඛාවන් ලොව පුරා පිහිටුවන්නේ නම් භාරතීය ජනතා පක්ෂය මෙරට පිහිටුවීමට නොහැකි මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.

ඉන්දියාව ඇමරිකාව වැනි රටවලට මෙරට පාලකයන් එරෙහි නොවිය යුතු යයිද පවසන ඔහු එසේ වුවහොත් එම හමුදා උතුරු නැඟෙනහිරට පැමිණ ඉඩම් අත්පත් කරගනු ඇති බවත් කීය.

ඉන්දු-ලංකා ගිවිසුම අනුව මෙරට කිසිම භූමියක් ඉන්දියාවේ අනුමැතිය නැතිව කිසිවෙකුට ලබා දිය නොහැකි බවද පැවසූ ඔහු උතුරේ දූපත් චීනයට ලබා දුනහොත් ඊට එරෙහිව ජනතාව සමඟ නොනවතින විරෝධතාවක් ආරම්භ කරන බවත් ඔහු පැවසීය.

Facebook Comments