free hit counter

O/L ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස වන විට ලබා දීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය G .L .පීරිස් දන්වා සිටි.ඒ අනුව ජූලි මාසයේ උසස් පෙළ පන්ති ආරම්භ වනු ඇත.

මාර්තු 01වන දින සිට 10වන දින දක්වා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතයි.

කෝවිඩ් 19 ආසාධිත අපේක්ෂකයන් සඳහා සෑම දිස්ත්‍රික්කයකම විශේෂ මධ්‍යස්ථාන 02 බැගින් ස්ථාපිත කර ඇති බවත් කොළඹ දිස්ත්‍රික්කයට එවැනි මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවීමට ඉඩ තිබෙන නිසා ඊට වි‍ශේෂ විධිවිධාන සකසා තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

සියලු ම පාසල්වලට අයදුම්පත්‍ර සියල්ල තැපැල් කර ඇති බවත් පෞද්ගලික අපේක්ෂකයන්ට ඒවා ලැබී නොමැති නම් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා එම ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීමට හැකියාව ලබාදී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි

Facebook Comments