free hit counter

කොවිඩ් එන්නත ලබා ගැනීමට බලපෑම් කරනවා – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

ඇතැම් පාර්ශ්ව විවිධ බලපෑම් කරමින් කොවිඩ් එන්නත ලබාගන්නා බවට තොරතුරු ලැබී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරනවා .

“යම් යම් පුද්ගලයින් විසින් මේ සැලසුමට පිටින් විවිධ බලපෑම් කරලා හැඳුනුම්කම්, තනතුරු භාවිත කරලා එන්නත් ඉල්ලන තත්ත්වකට පත්වෙලා. එන්නත්කරණය සිදුකරන මධ්‍යස්ථානවලට ගිහින් කියනවා අපි සමග එන පුද්ගලයින්ට එන්නත් ලබා දෙන්න කියලා. අපි මේ එන්නත කාටවත් ලබානොදී සිටීමේ බලාපොරොත්තුවක් නෑ. එම නිසා සියලුදෙනාම තමන්ගේ අවස්ථාව ලැබෙන තෙක් ඉවසිල්ලෙන් ඉන්න කියලා ඉල්ලා සිටිනවා.” විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන කොවිඩ් මර්දන එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදුන් ප්‍රමුඛතා ලැයිස්තුව අනුව එන්නත්කරණය සිදු කරන බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටිනවා .

Facebook Comments