free hit counter

දරු දෙදෙනාට වසර පහක් නඩත්තු මුදල් නොගෙවූ ගයාන්ට උසාවිය කළ දේ

නඩත්තු නඩුවකට අදාළව තම බාල වයස්කාර දරුවන් දෙදෙනාට අධිකරණය විසින් ගෙවීමට නියම කළ නඩත්තු මුදල් වසර පහක පමණ කාලයක සිට පැහැර හැර ඇති බව කියන ජනප්‍රිය නළු ගයාන් ප්‍රසාද් වික්‍රමතිලකට නැවත වරක් සිතාසි නිකුත් කිරීමට මහර මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා නියම කර තිබේ.

වයස අවුරුදු 10 සහ 11 යන වයස් කාණ්ඩවල පසු වන දරුවන් දෙදෙනාගෙන් එක් අයකුට රුපියල් 15000 බැගින් වු රුපියල් 30000 ක් ගෙවීමට 2013 දී අධිකරණය විසින් නියම කර තිබුණ ද ගයාන්, 2016 වර්ෂයේ සිට මේ දක්වා මෙම වන්දි මුදල් ගෙවීම පැහැර හැර තිබේ.

ඉකුත් 5 වැනි දා නඩුව කැදවු අවස්ථාවේ දී ගයාන්ට සිතාසි නිකුත් කර තිබුණ ද ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.

Facebook Comments