free hit counter

සිරිසේනට, රනිල්ට පාස්කු කොමිසම නිර්දේශ කළ දඬුවම් මෙන්න

පාස්කු ඉරිදා ප්‍රහාරයන් පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අපරාධ ක්‍රියාමාර්ග ගැනීමට යෝජනා කර තිබේ.

මෙම යෝජනාව වාර්තාවක් මගින් ඉදිරිපත් කර ඇති අතර, එහි පිටපතක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

සාක්ෂි මත පදනම්ව, හිටපු ජනාධිපති සිරිසේනගේ ප්‍රහාරයන්ට අදාළ ක්‍රියා හෝ අතපසු කිරීම් සම්බන්ධයෙන් සාපරාධී වගකීමක් ඇති බව එම වාර්තාවේ දැක්වේ.

දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධානයක් යටතේ මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීම පිළිබඳව නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව කොමිසම නිර්දේශ කර තිබේ.

මෙම ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට ද වගකිව යුතු බව කොමිසම් වාර්තාව පවසයි.

සාක්කි මත පදනම්ව, රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඉස්ලාම් අන්තවාදය කෙරෙහි වික්‍රමසිංහගේ නොපැහැදිලි ප්‍රවේශය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමට එවකට රජය අසමත් වීමට එක් ප්‍රධාන හේතුවක් බව වාර්තාවේ දැක්වේ.

Facebook Comments