free hit counter

යුනෙස්කෝව නම් කරන ලංකාවේ අලුත්ම ලෝක උරුමය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ ඇති ” මහා වංශ පුස්කොළ පොත් එකතුව ” ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර ඇතැයි උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක පැවසීය.

මෙම පුස්කොළ පොත් එකතුව පරීක්ෂා කිරීමට විශ්වවිද්‍යාලයට පැමිණි යුනෙස්කෝ නියෝජිතයන් ඒ පිළිබඳ සෑහීමකට පත් වූ බවත් මහා වංශයේ සියලු කොටස් කිසිදු අඩුපාඩුවකින් තොරව පවතින එකම ස්ථානය වන්නේ පුස්තකාලය බවත් එම නියෝජිතයන් හඳුනාගත් බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව මෙම පුස්කොළපොත් එකතුව ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව යුනෙස්කෝ නියෝජිතයන් දැනුම් දී තිබේ.

Facebook Comments