free hit counter

ඉන්දීය බලපෑම , චීනයට උතුරේ දූපත් ලබාදීම අතර මග නවතී

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇමති ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේ උතුරේ දූපත් තුනක ඉදිකිරීමට නියමිත විදුලි බල ව්‍යාපෘතිය චීනයට ලබා දීම පිළිබඳ තීරණය අවසන් කර නොමැති බවයි.

මෙම විදුලි බල ව්‍යාපෘතිය ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටිය අනුව සිදුකළ බවත් ඒ අනුව චීන සමාගමක් ලංසුව දිනාගත් බවත්, ඒ සඳහා ඉන්දීය සමාගමක් ද තරඟ කළ බව ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් මහා භාණ්ඩාගාරය විසින් අදාළ චීන සමාගමෙන් මේ සඳහා තාක්ෂණික වාර්තාවක් ඉල්ලා සිටීම හේතුවෙන් කැබිනට් මණ්ඩලය මෙතෙක් අවසන් තීරණය ගැනීම ප්‍රමාද කර ඇති බව ඔහු පැවසීය.

එසේම ඉන්දියාව විසින් මෙම ව්‍යාපෘතිය සඳ වැයවන මුදල ප්‍රතිපාදනයක් ලෙස ලබා දීමට ද විමසීමක් කර ඇති බව ඩලස් අලහප්පෙරුම කියා සිටියේය.

Facebook Comments