free hit counter

විභාග දෙපාර්තමේන්තුවෙන් සාමාන්‍යපෙළ විභායට උපදෙස් මාළාවක්

මාර්තු මස 01වන දින සිට මාර්තු 10වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා උපදෙස් හා දැනුවත් කිරීමක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් විභාග මධ්‍යස්ථාන තුළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වන බැවින් විභාගය ආරම්භවීමට පැයකට පෙර සියලුම අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව එහි සඳහන් වන අතර මුඛ ආවරණ පැළඳීම, රංචු ගැසී විවිධ ක්‍රියාකාරකම් වල නොයෙදීම, විභාගය අවසන් වූ විගස නිවෙස් බලා පිටත්වීම සිදු කළ යුතු බවට උපදෙස් එහි සඳහන් වේ.

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස 01වන දින සිට මාර්තු 10වන දින දක්වා දීප ව්‍යාප්ත මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් 2021 වර්ෂයේ පෙබරවාරි මස 25වන බ්‍රහස්පතින්දා පළමු පාසල් වාරයේ පළමු අදියර අවසන් කෙරෙන බව එහි වැඩිදුරටත් දැක්වේ.

Facebook Comments