free hit counter

“නොහැක්කක් නොමැත” අභ්‍යාවකාශයට යන පළමු පිළිකා රෝගියා

අස්ථි පිළිකාවෙන් දිවි ගලවා ගත් 29 හැවිරිදි හේලී ආර්කීනෝස් කෘතිම ශරීර කොටසක් ඇති අභ්‍යාවකාශය යන පළමු පුද්ගලයා මෙන්ම පෘථිවිය වටා කක්ෂගත වූ ලාබාලම ඇමරිකානුවා බවට ද පත්වනු ඇත.

ජනවාරි මාසයේ දී, ලොව ප්‍රථම සිවිල් අභ්‍යවකාශ මෙහෙයුමේ කාර්ය මණ්ඩලයට බැඳීමට වෛද්‍ය සහායකයා තෝරා ගන්නා ලදී.

ආර්කීනෝක් මහත්මිය ප්‍රීතියෙන් ඉපිල ගිය නමුත් මුලදී ඇයට ඒ පිළිබඳ කිසිවෙකුට නොපවසන ලෙස දැනුම් දී තිබිණ.

“මම මාස එකහමාරක් තිස්සේ මගේ ජීවිතයේ ලොකුම රහස රඳවාගෙන සිටිමි. එබැවින් දැන් එය ලෝකය සමඟ බෙදා ගැනීමට මට හැකි වී තිබේ,” ඇය පැවසුවාය.

ඓතිහාසික මෙහෙයුම සඳහා ඇය තෝරා ගැනීම සඳුදා ටෙනසිහි මෙම්ෆිස්හි ශාන්ත ජූඩ් ළමා පර්යේෂණ රෝහල විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ ඇය පිළිකා රෝගය වෙනුවෙන් ප්‍රතිකාර ගත් රෝහලයි.

මෙම වසර අගදී ඇය ව්‍යාපාරික එලොන් මස්ක් විසින් ආරම්භ කරන ලද ස්පේස්එක්ස් විසින් නිපදවන ලද ෆැල්කන් 9 රොකට්ටුවක් ෆ්ලොරිඩාවේ සිට අභ්‍යාවකාශයට යනු ඇත.

“මම හිතන්නේ මෙම මෙහෙයුම මිනිසුන්ට විවිධාකාරයෙන් ආස්වාදයක් ලබා දෙනු ඇත,” ආර්කීනෝ මහත්මිය පැවසුවාය. “ඕනෑම දෙයක් කළ හැකි බව එය ඔවුන්ට පෙන්වයි.”

Facebook Comments