free hit counter

වරාය නගරයේ චීන නාම පුවරු ඉවත් කිරීමට අපට බලය නෑ

ශ්‍රී ලංකාවේ චීන ව්‍යාපෘතිවල චීන මැන්ඩරින් භාෂාවෙන් ප්‍රදර්ශනය කර ඇති නාම පුවරු ඉවත් කිරීමට නීතිමය හැකියාවක් නොමැති බව රාජ්‍ය භාෂා කොමිෂන් සභාව කියා සිටී.

රාජ්‍ය ආයතනයක් ජාතික භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කළහොත් පමණක් පියවර ගත හැකි බවයි ඔහු පවසන්නේ .

පෞද්ගලික ආයතනවල විදේශීය භාෂාවෙන් ප්‍රදර්ශනය කර ඇති නාම පුවරු ඉවත් කිරීමට පියවර ගත නොහැකි බව ඔහු පැවසීය. මැන්ඩරින් නාම පුවරු කොළඹ වරාය නගරය සහ අනෙකුත් චීන ව්‍යාපෘති වල දැකගත හැකිය.

කිසිදු නීතියක් උල්ලංඝනය නොවන බැවින් එවැනි නාම පුවරු ඉවත් කළ නොහැකි බව රාජ්‍ය භාෂා කොමිෂන් සභාව පවසනවා.

දේශීය නීති යටතේ රජයේ සහ අර්ධ රාජ්‍ය ආයතන සිංහල හා දෙමළ භාෂාවන්ට ප්‍රමුඛතාවය ලබා දිය යුතු අතර ඉංග්‍රීසි තෙවන භාෂාව ලෙස භාවිතා කළ හැකිය.

Facebook Comments