free hit counter

ලොව ලොකුම පිට්ටනියේ තිබුණ කෙටිම තරඟය

අහමාදාබාද්හි මොටෙරා ක්‍රීඩාංගනයේ අවසන් වූ ඉන්දියා – එංගලන්ත දිවා රාත්‍රී ටෙස්ට් තරගය එවන් ලෝක යුද්ධයෙන් පසු අවම පන්දු ගණනකින් අවසන් වූ ටෙස්ට් තරඟය ලෙස ඉතිහාස ගත විය. තරඟය වසන් වීම සඳහා වැයවුනේ පන්දු 842 ක් පමණි.

දෙවන ලෝක යුද්ධයට පෙර මෙම තරඟයට වඩා අඩු පන්දු ගණනකින් අවසන් වූ තරඟ 6 ක් වාර්තා වේ. ඒ අනුව මෙම තරඟය අවම පන්දු ගණනකින් අවසන් වූ තරඟ ලයිස්තුවේ 7 වෙනි ස්ථානයට පත්වී තිබේ.

අවම පන්දු ගණනකින් අවසන් වූ තරඟය ලෙස වාර්තා වන්නේ 1932 පෙබරවාරි මස දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර පවතී තරඟය වන අතර එම තරඟය පන්දු 656 කින් අවසන් විය. දකු අප්‍රිකාවට තරඟයේ ජයග්‍රහණය හිමි විය.

ඊයේ පැවතී තරඟය ලොව විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන මොටෙරා හෙවත් සර්දාර් පටෙල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර ඉන්දියාවට කඩුලු 10 ක ජයක් හිමිවිය.

Facebook Comments