free hit counter

” චීන බැංකු වලින් ඩොලර් බිලියන 2.2 ක් ගන්නවා ” – රජය පවසයි

ශ්‍රී ලංකාව චීන බැංකු වලින් ඩොලර් බිලියන 2.2 ක් අපේක්ෂා කරන බව රජය පවසයි. දශකයකට වැඩි කාලයකට පෙර ණය ලබා ගැනීමේ ප්‍රතිපලයක් ලෙස රජය චීනයට උපාය මාර්ගික වරායක් වන හම්බන්තොට අවුරුදු 198 කට බදුදීමට සිදුවිය.

චීනයේ මහ බැංකුවෙන්ඩොලර් බිලියන 1.5 ක හුවමාරු පහසුකමක් ලබා ගැනීමට රජය බලාපොරොත්තු වන බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ අමාත්‍ය නිවාඩ් කබ්රාල් පැවසීය.

“ඉදිරි සති දෙක ඇතුළත අපට එය අවසන් කිරීමට හැකි විය යුතුයි,” කබ්රාල් කොළඹ මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ රජයේ විදේශ මුදල් අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම අරමුදල් “බෆරයක්” ලෙස යොදා ගන්නා බවයි.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව, ජනවාරි අග වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 4.8 ක් දක්වා පහත වැටී ඇති අතර එය 2009 සැප්තැම්බර් මාසයෙන් පසු ඩොලර් බිලියන 4.2 ක් දක්වා පහත වැටුණූ පසු ඇතිවන බරපතලම තත්ත්වයයි..

ඩොලර් මිලියන 700 ක ණයක් සඳහා ශ්‍රී ලංකාව චීන සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, ඩොලර් මිලියන 200 කට සමාන මුදලක් චීන මුදල්වලින් ලබා ගත හැකි බවත් නිලධාරීහු පැවසූහ.

Facebook Comments