free hit counter

බුදු දහමට ඇති ප්‍රමුඛස්ථානය අහෝසි කරන්නට පාස්කු කොමිසමෙන් ආ යෝජනාව

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව “එක රටක් එක නීතියක්” දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය හා සමාන නිකන්ම නිකන් ලියවිල්ලක් පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.

පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනයේ ආරක්ෂක අංශ සියල්ල මෙහෙයවා දෙවෙනි සහ ඉදිරි ප්‍රහාර වැලක්වීමට ගත් පියවර කිසිවක් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇතුලත් නොවීම විශාල අඩුවකැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීම මගින් බුදුදහමට දී තිබෙන ප්‍රමුඛස්ථානය අහෝසි කරන්නට ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නිර්දේශ කරන්නේ දැයි ප්‍රශ්න කළ රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම නිර්දේශ කරන ආකාරයට ජාතීන් වශයෙන් ඉඩම් බෙදීමක් ප්‍රයෝගව කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

මෙයට අමතරව දහම් පාසල් පාලනය යෝජනා කරන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරය අහෝසි කිරීමට දැයි රනිල් වික්‍රමසිංහ මහතා එජාප ජ්‍යෙෂ්ඨයන් හමුවේ අදහස් දක්වමින් ප්‍රශ්න කර සිටියේය.

“සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර අප්‍රේල් මස 9 වන දින රැස්වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් ලැබුණු කිසිදු තොරතුරක් පිළිබඳව කතා කළේ නැහැ.

සියලුම හමුදා ප්‍රධානීන්, රහස් පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් ඇතුළු රටේ ආරක්ෂාව සම්බන්ධ සියලු දෙනා රැස් වූ එම රැස්වීමේදී හෙළි නොකළ කරුණු ඊට පසුව සාකච්ඡා කරා දැයි සිතිය නොහැකියි.

Facebook Comments