free hit counter

පොහොට්ටුවට එරෙහිවන අය ඉවත්වෙන්න – බැසිල් රාජපක්ෂ

පක්ෂයට එරෙහිව කටයුතු කරන සහ රජය පෙරළා දැමීමට උත්සාහ කරන අයට එරෙහිව දැඩි පියවර ගන්නා බවට පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අනතුරු අඟවා තිබේ.

“අපි මේ ආණ්ඩුව පිහිටුවා ගන්න විශාල පරිශ්‍රමයක් හා කැපකිරීමක් කළා. මේ ආණ්ඩුවට හානියක් කරන්න අපි කාටවත් ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන් ඔහු පැවසීය.

“රාජපක්ෂ මේ බව ප්‍රකාශ කර ඇත්තේ තම පක්ෂයේ අලුතින් පත්කරන ලද මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකදීය.

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රාජපක්ෂගේ අදහස්වලට දිගින් දිගටම ප්‍රීති ඝෝෂා කළ බව වාර්තා කර තිබේ.

මන්ත්‍රීවරුන් 40 ක් පමණ මෙම රැස්වීමට සහභාගී වී ඇත.

පක්ෂය එක ස්ථාවරයක් පවත්වා ගත යුතු බවත්, ආණ්ඩුවේ සිටියදී විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතු බවත් මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ.

Facebook Comments