free hit counter

විමල්ගේ කුරුඳු දුම්වැටියෙන් ඩොලර් බිලියනයක්

කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ ලියාපදිංචි ලයන් හාර්ට් ආයතනය විසින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මග පෙන්වීම යටතේ කුරුඳු දුම්වැටියක් ලෝක වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

මෙම කුරුඳු සිගරැට්ටු නිපදවීම සඳහා වසර 06 ක පමණ කාලයක් වෙහෙස මහන්සි වී තිබෙන අතර කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ මග පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතියේදී සැලසුම් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කුරුඳු සිගරැට් නිපදවන කර්මාන්තශාලා 100 ක් ආරම්භ කර වසරකට කුරුඳු සිගරැට් අපනයනය කිරීම මගින් ඩොලර් බිලියනයක පමණ අපනයන ආදායමක් රටට ගෙන්වා ගන්නයි.

මේ තුළින් නව රැකියා ලක්ෂයක් පමණ බිහිවේ යැයි අපේක්ෂා කරයි.

මේ වන විට ශ්‍රී ලංකාව,ඔස්ට්‍රේලියාව,ඉන්දියාව, කොරියාව, ජපානය යන රටවල මෙම දුම්වැටිය බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරමින් පවතී.

මෙහි ඇති විශේෂත්වය වන්නේ නිකොටින් හා දුම්කොළ අඩංගු නොමැතිව මෙම නිෂ්පාදනය සිදු කර තිබීමයි.

Facebook Comments