free hit counter

වන්ෂොට් හොඳවෙන ජොන්සන් කොරෝනා එන්නතට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කැමැත්ත

ඇමරිකා එක්සත් ජනපදය විසින් නිල වශයෙන් අනුමත කර ඇති ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා වයිරස් එන්නත පිළිබඳ අනුමැතිය ලබා දීම පිළිබඳ සලකා බැලීමට ලංකාවේ සෞඛ්‍ අමාත්‍යාංශය කැමැත්ත පල කර තිබේ .

එන්නත් පිරිවැය අවම කෙරෙන ආකාරයට ඵලදායි ලෙස සකසා ඇති ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත එක්වරක් පමණක් ලබා ඉයයුතු අතර අධිශීතකරණයන් වෙනුවට සාමාන්‍ය ශීතකරණයන් තුළ ගබඩා කළ හැකිය .

කෙසේ වෙතත්, මේ දක්වා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා වයිරස් එන්නත සඳහා අනුමැතිය ඉල්ලා අයදුම්පතක් ලැබී නැත.

ඉන්දියාවේ ස්වදේශික එන්නත වන භාරත් බයෝටෙක් නිපදවන ලද COVID-19 එන්නත, රුසියාවෙන් ස්පුට්නික් 5 එන්නත සහ චීනයෙන් සීනෝෆාම් එන්නත භාවිතා කිරීම සඳහා අනුමැතිය ඉල්ලා ඉල්ලුම්පත් මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ලැබී තිබේ.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය දැනටමත් අනුමැතිය ලබා දී ඇත.

Facebook Comments